
මහින්ද ආරක්ෂාවට විශේෂ ආරක්ෂක බලකායේ 85ක් ඉල්ලයි
14/July/2015
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද අනෙකුත් සාමාන්‍ය මැතිවරණ අපේක්ෂකයෙකුගේ තත්ත්වයේ සිටියා වුවද පොලිස් නිලධාරීන් 105 දෙනෙකුගෙන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 104 දෙනෙකුගෙන් යුතු මහා පරිමාණ ආරක්ෂක බල ඇණියක් ලබාදී තිබියදී තවත් 85 කගේ ආරක්ෂාවක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා ඇතැයි වාර්ථා වේ.
මෙම අලුත් 85 දෙනා ලෙස පොලිසියෙන් සහ විශේෂ ආරක්ෂක බලකායේ නිලධාරීන් ලබාදෙන ලෙසයි.
හිටපු ජනාධිපතිවරුන්ගෙන් චන්ද්‍රිකා ජනාධිපතිවරියට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමෙන් එක් ඇසක් පවා අහිමි වූ නමුත් ඇයට ඇත්තේ සාමාන්‍ය පොලිස් නිලධාරීන් 7 දෙනෙකුගේ ආරක්ෂාවකි. දැනටමත් මහින්දට 209 දෙනෙකුගේ ආරක්ෂාවක් ලබා දී තිබියදී මෙලෙස අතිරේකව 85 දෙනෙකුගේ ආරක්ෂාවක් ඉල්ලා ඇත.