The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    සීෂෙල්ස්හී විවෘත කළ ලංකා බැංකු ශාඛාව හරහා රාජපක්ෂලාගේ කළු සල්ලි සුදුකරලා

     

    25/08/2015

    රාජපක්ෂ පවුල විසින් වංචනික ලෙස සොරකම් කල මහජන මුදල් බොහොමයක් පවතින්නේ සී ෂෙල්ස් රාජ්‍යයේ බවටත් මහින්ද රාජපක්ෂ විසින් එම දූපත් හි මෑතකදී විවෘත කරන ලද ලංකා බැංකු ශාඛාව රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කරන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කර ඇති බවටත් FCID ය වෙත ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකරගෙන යන පරීක්ෂණ වලදී බොහෝ කරුණු හෙලිදරව් වී තිබේ.

    පැමිණිල්ලේ සඳහන් කරුණු වලට අදාල ලේඛණ ලබා ගැනීම සඳහා සහ ගිණුම් හිමියන්ගේ විස්තර ලබා ගැනීම සඳහා අධිකරණ නියෝග ලබා ගෙන ඇති අතර ඒ සඳහා FCID ය කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත බී/663/15 දරණ බී වාර්තාව මගින් කරුණු දක්වා තිබේ.

    පරීක්ෂණ අනුව පෙනී ගොස් ඇත්තේ සී ෂෙල්ස්හි ලංකා බැංකු ශාඛාවක් විවෘත කිරීමට කිසිදු සාධාරණ හේතුවක් තිබී නැති බවයි. නමුත් බැංකුව ආරම්භයේ සිටම හුවමාරු වූ මුදල් පිලිබඳ පරීක්ෂණ කිරීමේදී අසාමාන්‍ය මුදල් හුවමාරුවක් දැක ගත හැකි වී තිබේ. මේ අනුව රාජපක්ෂ පවුල මෙම ශාඛාව තම කළු සල්ලි සුදු කරන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවට සහ එමගින් එම පවුල මුදල් උපයා ගත් ආකාරයත් හෙලිදරව් වෙමින් පවතී. මිහින් ලංකා ගුවන් සේවය මගින් සීෂෙල්ස් වෙත ගමන් ගත් මගීන් පිලිබඳ වාර්තාද FCID ය මගින් පරීක්ෂා කරමින් සිටී. මේ සම්බන්ධයෙන් සී ෂෙල්හි ලංකා බැංකු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටී.