
ඥානසාරහිමි අත්අඩංගුවට?
11/May/2015
කොමිසම ඉදිරිපිට විරෝධතාවයට එක්වී අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ පසුගියදා උසාවිය හමුවේ පෙනී නොසිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය නියෝග කර තිබූ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ස්වාමින් වහන්සේ, මන්ත්‍රීන් ඇතුළු 27 දෙනෙකු පසුගියදා උසාවිය හමුවේ පෙනී සිටි අවස්ථාවේ ඔවුන්ට ශරීර ඇප නියම විය.
කෙසේ වුවද ඥානසාර හිමියන් එදින උසාවිය හමුවේ පෙනී නොසිටි අතර උන්වහන්සේ විදේශගතව සිටි බව වාර්තා විණ. ඒ අනූව උන්වහන්සේ දිවයිනට පැමිණෙන විට අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කර ඇති අතර ඒ සඳහා පොලිස් කණ්ඩායමක් ගුවන් තොටුපළේ රඳවා සිටින බව ද දැනගන්නට ඇත.