The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    මාව අත්අඩංගුවට ගන්න එපා කියමින් ගෝටාභය උසාවි යයි

    07/Oct/2015

     

    පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව දැන ගන්නට ලැබී ඇති බැවින් එය වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ  මූලික අයිතිවාසිකම් පෙත්සම  ලබන ජනවාරි 28 වැනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

    අගවිනිසුරු කේ. ශ්‍රී පවන් ,ප්‍රියන්ත ජයවර්ධන සහ උපාලි අබේරත්න යන මහත්වරුන් ගෙන් යුතු ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවු අතර එහිදී පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ මේ වන විට අමාත්‍ය මණ්ඩලය සංශෝධන සිදුව ඇති හෙයින් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ද ඇතුළත් කළ යුතු බවයි.ඒ සඳහා කල් ලබා දෙන ලෙස හෙතෙම ඉල්ලා සිටියේය.

    ඒ අනුව පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබීමට හා සංශෝධිත පෙත්සම් ඉදිරිපත් කිරීමට අවසර ලබාදීමටද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයද, ජනාධිපති ලේකම්, පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.