The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    මහින්දට ගොට්ට අල්ලන් ප්‍රසන්නයි පවුලයි ගහපු ගැහිලි

    21/July/2015

     

    මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක්‌ ගොඩකර එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කරදෙන බව පවසා මොරටුවේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂ 150 ක මුදලක්‌ අත්තිකාරම් වශයෙන් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳගෙන් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ඊයේ (20 වැනිදා) ප්‍රශ්න කර ඇත.

    මහ ඇමැතිවරයා සහ බිරිඳ ඊයේ පෙරවරුවේ නීතිඥයන් සමඟ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ පෙනී සිටි අතර පැය 4 කට ආසන්න කාලයක්‌ ඔවුන්ගෙන් ප්‍රශ්න කර මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

    වැල්ලම්පිටිය මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක්‌ ගොඩකර සංවර්ධනය කර එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කර දෙන බව කියමින් මහ ඇමැතිවරයා මොරටුවේ පදිංචි ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂ 640 ක මුදලක්‌ ඉල්ලා ඇත.

    එම මුදලින් රුපියල් ලක්‍ෂ 150 ක්‌ අත්තිකාරම් වශයෙන් ද ලබාගෙන ඇති බව අදාළ ව්‍යාපාරිකයාගේ පැමිණිල්ලේ සඳහන් වෙයි.

    එම අත්තිකාරම් මුදලින් රුපියල් ලක්‍ෂ 50 ක මුදලක්‌ ව්‍යාපාරිකයා තැන්පත් කර ඇත්තේ මහ ඇමැතිවරයාගේ බිරිඳට අයත් ගිණුමකය. මෙම මූල්‍ය ගනුදෙනුව සම්බන්ධයෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කෙරිණි.