top of page

නාමල්ගේ සෙල්ලම් හෙලිවේ- තවත් දූෂණ චෝදනාවක් එලියට

 

28/July/2015

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හම්බන්තොට දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ මහා පරිමාණයේ සමාගම් මිලදී ගැනීමට මුදල් උපයා ඇති ආකාරය පාර්ලිමේන්තුවට ලබා දී තිබෙන වත්කම් බැරකම් ප්‍රකාශවල සඳහන් කර තිබේද යන්න විමර්ශනය කළ යුතු බවට දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය වෙත දූෂණ විරෝධී හඬ සංවිධානයෙන් පැමිණිල්ලක් බාර දී තිබෙනවා.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටිමින් නාමල් රාජපක්ෂ මහතා 2012 වසරේ සිට හෙලෝකෝප් ප්‍රයිවට් ලිමිටට් ආයතනය මගින් රජයට අයත් එයාර් ලංකා සමාගම සමග වාණිජ සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවයි.

හෙලෝකෝප් ප්‍රයිවට් ලිමිටට් ආයතනයේ කොටස්කරුවන් වශයෙන් එක්ස්පෝ ලංකා පුද්ගලික සමාගම, එක්ස්පෝ ලංකා හෝල්ඩින්ස් පුද්ගලික සමාගම සහ ලෝගේශ්වරන් රවීන්ද්‍රණ් යන අය සම්බන්ධව සිට ඇත.

2014 වර්ශයේදී හෙලෝකෝප් සමාගම ගවර්ස් කෝපරේට් ස්ර්විස් පුද්ගලික සමාගම විසින් මිලට ගෙන ඇති අතර ගවර්ස් කෝපරේට් ස්ර්විස් පුද්ගලික සමාගමේ පූර්ණ හිමිකාරිත්වය නාමල් රාජපක්ෂ සතුව තිබූ බව අනාවරණය වී ඇත.

මේ පිළිබඳව පැමිණිල්ල පසුගිය 20වන දින දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම් කරු වසන්ත සමරසිංහ විසින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට බාරදී ඇත.
 

bottom of page