The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    ගෝඨා මල්ලියේ යුද්දේ ඉවර කළේ ? අපරාදේ

    22/Sep/2015

     

     

    "අවුරුදු තිහක් තිබුණ යුද්ධය කවුරු හිටියත් මම ඇවිත් අවුරුදු තුනෙන් යුද්ධය ඉවර කළා. ඔය හමුදා නිළධාරීන් හමුදාපතිවරුන් ඒ කාලෙත් හිටියනේ. එයාලට කරගන්න බැරි උනානේ. එයාලත් අලුතෙන් ආපු අය නොවෙයිනේ. ඒත් අද මම මොකඳ කරන්නේ. මම දුක්වෙනවා මේ යුද්දේ ඉවරකීරීම සම්බන්ධයෙන්, මොකටද මම ඇවිල්ල මේක ඉවරකළේ. ඒක ඉවර කරපු නිසානේ මේ කරදර. තව ඉදිරියට තව කරදර එනවනේ. හයිබ්‍රිඩ් උසාවිය වලට ගිහිනුක් යුද්ධය අවසන් කළේ ඇයි කියලා උත්තර දෙන්න ඔන."

    තමන්ට එරෙහිව තිබෙන වංචා දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් 'බරපතල වංචා සහ දුෂණ සෙවීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම' කටයුතරයක් දී එන ගමන් ගෝඨාබය රාජපක්ෂ එසේ කියා ඇත.

    දැන් ගෝඨාට තිබෙන කරදරේ මේ දූෂන වංචා චෝදනාද නැතිනම් හයිබ්‍රීඩ් අධිකරණයට යෑමද පැහැදිලි නැත. ඒ කෙසේ වෙත්තත් හයිබ්‍රීඩ් අධිකරණයට යෑම නම් මේ කරදරයක් යැයි කල්පනා කරන්නේ ඒක තරමක් ගැටළු සහගතය. යුද්ද කළැයි කියන මිනිහා උසාවියට යෑම කරදරයක් බව කියන කොට අපට හිතෙන්නේ ඇත්තටම යුද්ද කළේ ගෝඨා විය නොහැකි බවය. කොහොමත් ගොඨා යුද්දෙට බයේ හමුදාවෙන් පැන ගිය බව කියන්නේ අප නොව ඔහු සමඟ හමුදාවේ සිටි සරත් ෆොන්සේකාය. ඒත් ගොඨා දැන්  කියන්නේ තමන් මේ යුද්දෙ තනියම කළාක් වැනි කතාවකි. ඒක ගැන රණ විරුවෝම බලා ගනිත්වා.

    හයිබ්‍රීඩ් අධිකරණයේදී යුද්ධය අවසන් කළේ ඇයි කියලා උත්තර දෙන්නට ගෝඨා බලා සිටියාට අධිකරණයේ ප්‍රශ්නය යුද්ධය ඉවර කිරීම ගැන නොවේ. අධිකරණය ප්‍රශ්න කරන්නේ යුද්ධයට මුවා වී ම්ලෙච්ඡත්වය වැපිරීම ගැනය. ඒ නිසා මෙහෙ මිඩියාවලට දෙන පොර ටෝක් එතනදී දෙන්නට හැකිවන්නේ නැත. ඒ ගැන ගෝඨා නොදන්නවා නොවේ යුද්දේ අවසන් කිරීම ගැන දුක්වීමට ඇති එකම හේතුව මේ අපරාධ වලින් බේරී සිටීමට වූ අවස්ථාව නොමැති වීමය. ඒ තවත් පැහැදිලි වන්නේ යුද්ද කළ කාලයේදී යුධ ජයග්‍රහණය විකුණාගෙන කෑ කාලයේදීත් රාජපක්ෂ රෙජිමය කළ සියලු නොපනත්කම් යුද්ධය ඉදිරියට දමා වසා ගත් බැවිනි.