top of page

ශ්‍රී-ලංකා හමුදාව විසින් වදහින්සා කළායි පැවසෙන වීඩියෝවක් අන්තර්ජාලයට

15/Sep/2015

ශ්‍රී-ලංකාවේ ආණ්ඩු පෙරළියෙන් අනතුරුවත් යුද හමුදාව විසින් ලිංගික වද හිංසා පැමිණවූයේ යයි දෙමළ තරුණයන් දෙදෙනකු චෝදනා කරන වීඩියෝ පටයක් මානව හිමිකම් සංවිධානයක් විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ තිස් වැනි සැසිය ජිනීවා නුවර ඇරැඹි ඊයේ දින එම වීඩියෝ පටය අන්තර් ජාලයට නිකුත් කරමින් මානව හිමිකම් නීතිවේදිනී යැස්මින් සූකා ගේ ප්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිලිබඳ ව්‍යාපෘතිය (J.T.J.P.) පවසන්නේ අලුත් පාලනය යටතේත් රට තුල පැහැරගෙන යාම් වධ හිංසා පැමිණවීම් සහ ලිංගික ප්‍රචණ්ඩතා තවමත් සිදු කෙරෙන බවයි.

වීඩියෝ පටයේ කතා කරන විසි හැවිරිදි තරුණයකු පවසන්නේ ඔහු එල්ටීටීඊ සාමාජිකයන් සඳහා රජය පවත්වාගෙන යන පුනරුත්ථාපන කඳවුරකදී කිහිප වර හිංසනයට ගොදුරු වූ බවයි.

කෙසේ වෙතත් මෙම වීඩියෝවතුල ඔවුන්ගේ මුහුන පෙන්වන්නේ නැති අතර, එක් තරුණයෙකුගේ හඬඳ වෙනස්කර තිබේ.

 

bottom of page