The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    අවි ගබඩා නඩුවෙන් ඇවන්ගාඩ් නිදහස් එයත් ගෝඨා පිට වැටෙන ලකුණු

    07/Sep/2015

     

    පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිව පැවැති නඩුව අවසන් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (07) නියෝග කළේය.

    මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකිබව නීතිපතිවරයා විසින් දැනුම් දුන්බව පොලිස් අපරාධ පරීක්ෂන කොට්ඨාශය විසින් අධිකරණයට දැනුම් දීම මෙයට හේතුවයි.

    එමෙන්ම ඔහුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමටත් මෙහිදී නියෝග කරන ලදී.

    පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ ඉතාම ප්‍රභල මාතෘකාවක් බවට පත්ව තිබුණි. කෙසේ වෙතත් ජනතාව විශාල ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයට සහ වත්මන් රජයට චෝදනා එල්ල කරන්නේ ඇවන්ගාඩ් සමාගමේ මුදලට වහල් වී මෙම නඩුව යටගැසීමට කටයුතු කළ බවටයි.

    කෙසේ වෙතත් ඇවන්ගාඩ් සමාගම මෙම නඩුවෙන් නිදහස් වීමත් සමඟ එවැනි ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර දුන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි නීති විශාරදයෝ ප්‍රකාශ කරති.