The Rights Of Minorities
Sri Lankan Muslims UK
M I M Farook
Reporter
Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups
රන් සොරකමට මහින්දගේ ඥාති සොයුරු ප්‍රසන්න වික්‍රමසූරිය කොටු වෙයි..?
23/Sep/2015
කටුනායක ගුවන් තොටුපළේ සේප්පුවක තිබිය දී සොරකම් කර ඇති රුපියල් කෝටි ගණනක් වටිනා රන් මැණික් හා වෙනත් භාණ්ඩ සම්බන්ධව පරීක්ෂණ පවත්වන කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතා ළඟදීම එහි කැඳවීමට නියමිතව තිබේ. ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය යනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරෙකු වන අතර ඔහුගේ වැඩිමහල් සහෝදරයා අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන්ද කටයුතු කළේය.
එම සමාගමේ නිලධාරීන් පිරිසක් විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ සිදු වෙයි.
මේ වන විටත් එම සමාගමේ විවිධ අංශවල නිලධාරීන් රැසකගෙන් මේ සම්බන්ධව ප්‍රශ්න කර ඇත. ඊයේ (07) තවත් නිලධාරීන් දෙදෙනකු කැඳවා ප්‍රශ්න කරනු ලැබිණි. ප්‍රසන්න වික්‍රමසූරිය මහතා පසුගිය කාලයේ විදේශගතව සිට මේ වන විට මෙරටට පැමිණ සිටින බවට මූල්‍ය අපරාධ කොට්ඨාසයට තොරතුරු ලැබී ඇත. කටුනායක ගුවන් තොටුපළට යන එන මගීන්ගේ දමාගිය ගමන් මලුවල තිබී සොයාගත් රත්තරන්, මැණික් ඇතුළු වටිනා ද්‍රව්‍ය හොර රහසේ මෙරටට එවැනි දෑ ගෙනවිත් ආරක්ෂක අංශවලට බියෙන් දමා යන එවැනි වටිනා භාණ්ඩ ඇතුළු ගුවන් තොටුපළ තුළ දී කාලයක් තිස්සේ සොයාගත් එම භාණ්ඩ එහි සේප්පුවක තැන්පත් කර තැබේ.
මෙම සේප්පුව ආරක්ෂා වෙන්නේ එහි සභාපතිවරයා, කළමනාකරුවන් ඇතුළු කිහිපදෙනකුගේ අධීක්ෂණය යටතේය.
මීට ස්වල්ප කාලයකට පෙර මෙසේ නැති වූ භාණ්ඩයක් පිළිබඳ තොරතුරු සොයා ආ ගුවන් මගියකුගේ එම භාණ්ඩ පිළිබඳ සොයා බැලීමට එහි පැමිණි අවස්ථාවේ ඒ පිළිබඳ සොයා බලද්දී සේප්පුවේ තිබූ වටිනා භාණ්ඩ විශාල ප්‍රමාණයක් සොරකම් කර ඇති බව අනාවරණය විය.පසුගිය පාලන කාලයේ දී ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් නොපවත්වා තිබුණත් මීට මාස කිහිපයකට පෙර ඒ පිළිබඳව කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණය සිදු වෙයි.