The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    HNDA සිසුන්ට පහර දීමට අණ කළේ, ශ්‍රී ලනීපයේ ප්‍රබලයෙක්

    05/Nov/2015

     

    පසුගියදා පැවැති HNDA ඩිප්ලෝමා සිසුන්ගේ උද්ඝෝෂණයට පහර දෙන ලෙස පොලීසියට ලැබුණු ඉහළ අණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකුගේ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    සිසුන්ගේ එම ගැටළු සම්බන්ධයෙන් ආණ්ඩුව සමඟ යම් සාධනීය සාකච්ඡාවක් පැවති නමුත් එදින උද්ඝෝෂනයක් සඳහා කොළඹට සිසුසිසුවියන් කැඳවා තිබුණි. එම හේතුව මත සිසුසිසුවියන් සාමකාමී ලෙස උද්ඝෝෂණීය ක්‍රියා මාර්ගයක නිරත වූ අතර යම් කණ්ඩායමක් සැලසුම් සහගත ලෙස ප්‍රකෝපකාරී ලෙස කටයුතු කිරීමට පෙළඹවීමක් සිදුව ඇති බව මේවන විට තොරතුරු අනාවරණය වී තිබේ. එය තහවුරු කිරීමට අදාලව ද එම තත්වයන් වැලැක්වීමට ශිෂ්‍යයන් කිහිප දෙනෙකු උත්සහ ගත් ආකාරය ද සටහන්ව ඇති වීඩියෝ පට ආණ්ඩුවේ ඉහළ කාර්යාලයකට ලැබී ඇති බවත් පැවැසේ.

    එම අතරතුර සිසුන්ට දැඩිව පහර දී විසුරුවා හරින ලෙස ආණ්ඩුවේ ඉහළම නිළයක් හොබවන ශ්‍රී ලනීපයේ ප්‍රබලයකු වෙතින් පොලිසියට උපදෙස් ලැබී තිබේ. සිසුසිසුවියන්ව කළඹල කිරීම හා ප්‍රතිප්‍රහාර එල්ල කිරීම එකම තැනක සැලසුමක් බව මේ වන විට අපවෙත ලැබී ඇති තොරතුරු අනුව පෙනී යයි.

    මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂය අතර පවතින සීතල බල අරගලයේ ප්‍රතිපළයක් වන අතර එජාපය ජනතාව අතර අපකීර්තියට පත් කරවීම මෙහි අරමුණ වී ඇත. ඉදිරි වසර දෙකක කාලය තුලදී ශ්‍රී ලනීප ප්‍රමුඛ ආණ්ඩුවක් පාර්ලිමේන්තුව තුලින් නිර්මාණය කර ගැනීමේ උත්සහයක්ද මේවන විට ක්‍රියාත්මකව ඇත.

    එමෙන්ම මෙම සිදුවීම ගැන කෙරෙන පොලිස් පරීක්ෂණ දුර දිග නොයවා අවසන් කිරීමටද සැලසුම් කෙරෙන බව දැන ගැනීමට ඇත.

    කෙසේ නමුත් අදාල ශ්‍රීලනිප ප්‍රධානියා මෙරට ශිෂ්‍ය සටන් සියල්ල මෙහෙයවනු ලබන්නේ පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂය විසින් බවට විශ්වාස කරන්නකු වන අතර ඒ දැඩිව මර්දනය කළ යුතුය, යන ස්ථාවරයේ පසුවන්නෙකි.