top of page

ශිරන්තිගේ ගිණුම් ගැන විමර්ශන යලි ඇරඹේ

15/May/2015

 

හිටපු ජනාධිපති ආර්යාව විසින් මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ පවත්වාගෙන ගිය ‘සිරිලිය සවිය‘ ගිණුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විමර්ශනවල ප‍්‍රගතිය විමසා බැලීමට සිහි කැඳවීම් ලිපියක් යැවීමට ඉදිරි දිනවල කටයුතු කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ‍බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය යටතේ ක‍්‍රියාත්මක වූ ‘සිරිලිය සවිය‘ සමාජ සත්කාර ව්‍යාපෘතියේ ගිණුම සම්බන්ධයෙන් වූ ජාතික හැඳුනුම්පත් අංක පිළිබඳව කළ විමසීමකට පිළිතුරු වශයෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා මෙම අදහස් පළ කළ සිටියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිදු කරනු ලබන විමර්ශන සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ කරුණු වලට මෙතෙක් කිසිම ප‍්‍රතිචාරයක් නොලැබුණු බව සඳහන් කරන කොමසාරිස් ජනරාල්වරයා, මහජන බැංකුවේ සභාපතිවරයා විසින් තමන් වෙත එවන ලද කරුණු පවා එම දෙපාර්තමේන්තුවට යොමු කළ බව ද සඳහන් කළේය.
මෙම ගිණුමට අදාළ ජාතික හැඳුනුම්පත් අංක සියල්ලක්ම ව්‍යාජ හැඳුනුම්පත් අංක බවත් එම අංක කිසිසේත්ම කාන්තා හැඳුනුම්පත් අංක නොවන බවත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙන්වා දුන් බවත්කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
එස්. රාජපක්ෂ නමින් ජාතික හැඳුනුම්පත් අංක 222222222V යන්න සහ ඒ.එම්.ජේ.ඒ. කුමාරි නමින් හැඳුනුම්පත් අංක 111111111V යන්න මෙසේ ව්‍යාජ හැඳුනුම්පත් අංක බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබීය

 

Whatever government change or president change there are no justice to minorities

Minorities will be lost life and properties they will be kill, burn by Sri Lankan government 

Fuck Off  Fuck Off  Fuck Off

bottom of page