The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    තාජුඩීන් මරණ පරීක්ෂණ හමුවේ සුසිල් බිය වන්නේ ඇයි.?

    31/July/2015

    ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ මළ සිරුර සම්බන්ධ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තා නැවත කැඳවීමට අධිකරණය තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කලබලයට පත්ව ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් නීතීඥ සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ එක්වරක් අධිකරණයට ඉදිරිප්ත කර ඇති වාර්තාවක් නැවත කැඳවීමට නීතියේ ප්‍රතිපාදන නොමැති බවයි.

    ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රේමජයන්ත මහතා මේ බව පවසන අතර එහිදී ඔහු පුනපුනා පවසන්නේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් කිරීමෙන් පසුව වළලා දැමූ මෘත දේහයක් යළි ගොඩගෙන පරීක්ෂණ පැවැත්වීමට නීතියෙන් ඉඩක් නොමැති බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ තමන් නීතිඥයෙකු ලෙස වසර ගණනක පලපුරුද්දක් ඇති අයෙකු බවය.

    අදාළ ක්‍රීඩකයා පහර දී ඝාතනය කර ඇති බවට සැකකරන බව පොලීසිය අධිකරණයට දන්වා ඇති අතර සුසිල් ප්‍රේමජයන්ත නොදන්නා කාරණය වන්නේ 1979 අපරාධ විධිවිධාන සංග්‍රහයේ වගන්ති අනුව සැකසහිත මරණයක් පිලිබදව පරීක්ෂණ පැවැත්වීම සදහා මෘත ශරීරයක් ගොඩගැනීමටත් ඒ පිලිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්වීමටත් නීතියෙන් ඉඩකඩ ලබා දී ඇති බවය.