The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    ජෙනරාල්ව එල්ලා, විදුලි පුටුවට යන්න සිටි ගෝඨා අද නීතියෙන් බේරෙන්න දසදෙස යදී 

    11/May/2015

    අත්අඩංගුවට ගැනිමෙන් වළක්වන නියෝගයක් ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(11) ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළේය. තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් ඔහු කියා ඇත. නීතීඥ සනත් විජේවර්ධන මහතා ගේ මාර්ගයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගොනු කළ මෙ‍ම පෙත්සමේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතළු හතළිස් හතර දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටති.

     

    ඒකාධිපති රාජපක්ෂ පාලනය ක්‍රියාත්මක වූ අවධියේ එක් වරෙක එවකට සිරගත කොට සිටි හිටපු යුදහමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව “එල්ලනවා” යැයි කියූ, රට වෙනුවෙන් විදුලි පුටුවට වුවත් යන්න සූදානම්යැයි කියූ පැවති රාජපක්ෂ රෙජීම පාලන කාලය තුල හමුදා මානසිකත්වයකින් භීෂණය පැතිරවීමට කටයුතු කළ මෙම ගෝඨාභය රාජපක්ෂම අද වන විට මෙලෙස තමා අත්අඩංගුවට නොගන්නා ලෙස දස දෙස යදිමින් අධිකරණය ඉදිරියේ වැඳ වැටීමම දෛවයේ සරදමකි. මෑත ඉතිහාසයේ සිදු වූ අතුරුදහන් වීම් සහ මිනිස් ඝාතන රාශියකටද ගෝඨාභය රාජපක්ෂ සෘජුව වගකිව යුතු බවට බොහෝ සාක්ෂි පවතී.