top of page

බැසිල්ව අත්අඩංගුවට ගන්න පොලීසිය නීති උපදෙස් පතයි

12/March/2015

අලුතින් ඇතිකරන ලද පොලිස් මුල්‍ය වංචා පරීක්ෂණ ඒකකය, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධව නීතිපති උපදෙස් බලාපොරොත්තුව සිටින බව වාර්තා වේ.

හිටපු ඇමතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට තීරණය වී තිබෙන්නේ දිවි නැගුම ව්‍යාපෘතියට අදාල වංචාවක් සම්බන්ධයෙනි.

පොලිස් මුල්‍ය වංචා ඒකකය මේ වනවිට පසුගිය රජය සමයේ සිදු වී ඇතැයි සැළකෙන රාජ්‍ය අරමුදල් වල සිදු ඇති වංචා සහ දුෂණ පිලිබඳ විමර්ශනයක නිරතව සිටියි. උසස් පොලිස් නිලධාරියෙකු පැවැසූ පරිදි දිවිනගුම ව්‍යාපෘතියට අදාළව ටෙන්ඩර් පටිපාටියෙන් පිට ව්‍යාපෘති ලබාදීම වැනි සිදුවීම් රැසකට අදාලව පැමිණිලි ලැබී තිබේ.

මේ වන විට බැසිල් රාජපක්ෂ මහතා වියට්නාමයේ වාසය කරන බවත් වර්තාවේ.

මේ වසරේ පෙබරවාරි මස 26වන දින ආරම්භ වූ පොලිස් මුල්‍ය වංචා විමර්ශන ඒකකය සඳහා මහජන සාමය හා ආපදා කළමනාකරණ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පොලිස් අධිකාරී රවී විද්‍යාලංකාර සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු පත්කර තිබේ.

bottom of page