The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    ජනපති මෛත‍්‍රී මැතිවරණ ක‍්‍රමයත් වෙනස් කරන්න සුදානමින්.

     

    07/May/2015

     

    යෝජිත මැතිවරණ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවට නැංවීමට අදාළ කරුණු සාකච්ඡුා කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ළගදීම මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා හමුවනු ඇති බව කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

     

    මැතිවරණ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවට නැංවීම දින 100 වැඩපිළිවෙළ තුළින් දුන් පොරොන්දුවක් බැවින් ඉන් බැහැරවීමට නව රජයට නොහැකි බවත් එබැවින් රටට ඔබින මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වාදීම කාලෝචිත බවත්, එය පැරණි කේවල ක‍්‍රමයේ සහ පවත්නා සමානුපාතික ක‍්‍රමයේ සම්මිශ‍්‍රණයක් විය හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

    ඒ සඳහා අවශ්‍ය නම් මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීම එතරම් අපහසු කටයුත්තක් නොවන බවද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැුස්වීම් තුළ තමා මේ පිළිබඳව අදහස මතු කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එසේම දින 100 වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීම සුපරීක්ෂණයට සහ අධීක්ෂණයට පත්කළ ජාතික විධායක සභාව තුළද තමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයා ලෙස මේ පිළිබඳව කතා කළ බවද හෙතෙම පැවසී ය.

    අවශ්‍ය නම් මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය දින 40 කට අඩු කාලයක් තුළ ක‍්‍රියාත්මක කළ හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය