සුමනදාස, මහින්දගේ සියළු දේ FCIDට හෙළිකරයි

16/June/2015

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජෝතීර්වේදියා ලෙස කටයුතු කළ සුමනදාස අභයගුණවර්ධන මහතාගෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ඊයේ (15 වැනිදා) පැය අටක්‌ ප්‍රශ්න කර ඇත.

රාජපක්‍ෂ පවුලේ ඉඩකඩම්, නිවාස, වත්කම් පිළිබඳ මෙන්ම ඔවුන් සමීපයේ සිටි විවිධ පුද්ගලයන් විසින් සිදුකර ඇතැයි කියන අපරාධ සම්බන්ධයෙන් සුමනදාස මහතාගෙන් පොලිසිය තොරතුරු ලබාගෙන තිබේ. රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන්ට අයත් ඉඩකඩම් සඳහා මෙන්ම නිවාස ඉදිකිරීම සඳහා ජ්‍යෙdතිෂ කටයුතු කර ඇත්තේ සුමනදාස මහතා විසින් බව හඳුනාගෙන ඇත.

මෙම ඉඩකඩම්, නිවාස ඇතුළු දේපළ පිහිටි ස්‌ථානයන් පිළිබඳව මෙහිදී සුමනදාස මහතාගෙන් තොරතුරු විමසා ඇත. මෙම ප්‍රශ්න කිරීම් හමුවේ සුමනදාස මහතා වැදගත් තොරතුරු රැසක්‌ හෙළිකර ඇතැයි ද පොලිස්‌ ආරංචි මාර්ග පවසයි. පොලිසිය කළ දැනුම් දීමකට අනුව ඊයේ (15 වැනිදා) පෙරවරු 9.00 ට පමණ මූල්‍ය කොට්‌ඨාසය හමුවේ පෙනී සිටි සුමනදාස මහතා පොලිස්‌ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදී තිබේ.

ඒ මහතාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා ඉදිරි දිනක මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වෙත කැඳවීමට නියමිතය.