top of page

රාජපක්ෂවරු දෙපල එක අත්තේ විසූ කුරුල්ලෙක් බලන්න යයි

19/Mar/2015

 

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් කර සිටින රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන බැලිමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද(19) උදේ එහි ගියේය. ඒත් සමඟම අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂද අද (19) සරණ ගුණවර්ධන බැලිමට ගොස් ඇති බව වාර්තා වේ. මහර බන්ධනාගාරයේ නිරීක්ෂණයකට සහභාගී වූ අවස්ථාවේදී ඔහු හිටපු නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ හමු වී තිබේ.

විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා සැකකාර මන්ත්‍රීවරයා හමුවීමට මොහොතකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඔහු බැලීමට ගොස් ඇති බව වාර්තා වේ. වංචා, දූෂණ, කප්පම් ගැනීම්, මැරක්‍රියා ඇතුළු බරපතල චෝදනා එල්ල වී සිටින මෙවැනි දූෂිත පුද්ගලයින් බැලීමට අධිකරණ ඇමතිවරයා සහභාගී වීම පිළිබඳව බරපතල සැකයක් පවතී.

 

New Controversial 'Skinny Pill' Targets Your Mid-Sectionමහින්ද රාජපක්ෂගේ ඉතිහාස ක්‍රියාකාරකම් සහ දේශපාලන කෙරුවාව සරණ ගුණවර්ධන පරදා ඉදිරියෙන් සිටින බව දන්නෝ දනිති. එම නිසා මහින්ද සහ සරණ එක් අත්තේ කුරුල්ලන් වන අතර විජේදාස එවැන්නන් පෝෂණය කොට ආරක්ෂා කරන කුරුළු අම්මෙක් බව දේශපාලන විචාරකයෝ පවසති.

ඇවර්න් ගර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය විසින් තහනම් කරනු ලැබ තිබූ අතර එය නිදහස් කරන ලෙස අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් සිදු කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මීට පෙර හෙළිදරව් කර තිබුණි

bottom of page