The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    මහින්දගේ අලුත්ම ගේම මෙන්න

    31/July/2015

     

    මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ කල්ලිය සන්ධානය තුළ සිටින රාජපක්ෂ විරෝධීන් මර්දනය කිරීමේ අලුත්ම ක්‍රමයක් අනුගමනය කරමින් එය ක්‍රියාත්මක කරන බව හෙලිවී ඇතැයි වාර්තා වෙනවා.

    ඒ මහින්ද රාජපක්ෂගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන දිස්ත්‍රික් රැලිවලදී රාජපක්ෂ පිල නියෝජනය නොකරන මෛත්‍රී පාර්ශවයේ පිරිස් එම රැස්වීම් අමතන විටදී සංවිධානත්මක කණ්ඩායම් යොදවා ඔවුන්ගේ කතාවලට බාධා කිරීම හා හූ තැබීමට කටයුතු කිරීමයි.

    පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ  පරාජය වීමත් සමග ඔහුට එරෙහිව ප්‍රසිද්ධියේ ප්‍රකාශ සිදුකළ පිරිස් මෙන්ම හවුල් ආණ්ඩුවේ ඇමතිධූර බාරගත් පිරිස් වෙත මෙම හූ සංග්‍රහ සිදු කිරීමට උපදෙස් දී තිබේ. පසුගියදා මාතලේ පැවැති රැලියකදී නන්දිමිත්‍ර එකනායකට එරෙහිව එය ක්‍රියාත්මක වූ අතර මහින්ද සමරසිංහ ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේ තමාට එරෙහිවද එවැනි කුමන්ත්‍රණයක් ඇති බැවින් මහින්ද රාජපක්ෂ සහභාගී වන එම රැලියට සහභාගී නොවන බවය. එසේම ඊයේ (30) මොනරගලදී පැවැති මහින්ද රාජපක්ෂ සහභාගී වූ රැලියේදීද ජගත් පුෂ්පකුමාර හා විජිතමුණි සොයිසා ඇමතිවරයින්ට එරෙහිව එවැනිම හූ සංග්‍රහයක් පවත්වා තිබේ.

    Share