The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    රාජපක්ෂවරුන්ගේ බළල් අත් තවමත් රාජ්‍ය ආයතන තුල ක්‍රියාත්මකයි

    11/Feb/2015

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන බළල් අත් තවමත් ඔහු වෙනුවෙන් රාජ්‍ය ආයතනවල සිට ක්‍රියාත්මක වෙමින් පවතින බවට වාර්තාවේ. සුදුසුකම් වෙනුවට දැනහැදුනුම්කම් සහ වෙනත් තෘප්තිමත්භාවයන් මත රාජ්‍ය සේවයට පුරවා ගත් රාජපක්ෂ ගැත්තන් ප්‍රමාණය විශාල වන අතර ඔවුන් රාජ්‍ය සේවයට මහත් බරක්ව ඇතිබවට තොරතුරු වාර්තාවේ. ඊටත් වඩා මහත් ගැටලුවක්ව ඇත්තේ මොවුන් තවමත් රාජපක්ෂ ගැතිභාවයකින් ඔවුන්ගේ බළල් අත්ලෙස කටයුතු කරන නිසාවෙන් බවට වාර්තාවේ.

     

    වත්මන් ජනාධිපති මෛත්‍රීපාල 

    සිරිසේන මහතා කිසිඳු දේශපාලන පළිගැනීමකින් තොරව ඉතා මානුෂීයවාදී ප්‍රතිපත්තියකින් මොවුන් කෙරෙහි කටයුතු කළද මොවුන්ගේ සමහරු එය ජනාධිපතිවරයාගේ දුර්වලකමක් ලෙස සිතාගනිමින් පෙර පරිදි කටයුතු කරන බවට වාර්තාවේ. ඇතැම් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ද තවමත් රාජපක්ෂවාදී මානසිකත්වයකින් ඔවුන්ගේ සහචරයින්ගේ ඕනෑ එපාකම් තවදුරටත් ඉටුකරමින් සිටින අතර මේ හේතුවෙන් යහපාලනයක් වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පත්කළ පොදු මහජනතාව යම් කලකිරීමක පසුවේ.

    මේ හේතුවෙන් රාජපක්ෂවරුන්ගේ හිතවත්කම් මත පත් වීම් ලබා ඇති රජයේ ප්‍රධාන විධායක ශ්‍රේණිවල බලධාරීන් සහ නිලධාරීන්ගේත් පුටුමාරු සිදුකළ යුතුව ඇත. එසේම ජනාධිපතිවරයා පොරොන්දු වූ යහපාලනයක් ඇතිකිරීම යථාර්තයක් බවට පත්කිරීමට නම් ජනතාව සහ රජය අතර සම්බන්ධතාවයන් ගැටගැසෙන සහ ගොඩනැගෙන ක්ෂේත්‍රයන්හි සිටින නිලධාරීන්ගේ වෙනසක් අනිවාර්යයෙන්ම සිදුකල යුතු බව බොහෝ අය පෙන්වාදෙති.

    Share