The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    රක්නාලංකා-ඇවන්ගාඩ් ආයතන වල සැබෑ හෙළුව (Gota Rajapaksha Allegations & Bribery)

    04/Feb/2015

    රක්නා ලංකා ආයතනයත්, ඇවන්ගාඩ් ආයතනයත් ඒකාබද්ධව පවත්වාගෙනගිය නෞකා ආරක්ෂන සේවය බොහේ දෙනෙකුගේ අවධානය යොමු වුන මාතෘකාවක්.

    මේ සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ සහ නිස්සංක සේනාධිපති යන මහත්වරුන් පැවසූයේ එය නීතියට අනුව පවත්වාගෙන යන බවත්, මේ මඟින් විශාල විදේශ විනිමයක් මෙන්ම දැනට විශ්‍රාම ගිය ආරක්ෂක අංශ සාමාජිකයන්ට අමතර ආධායමක් උපයාගැනීමේ අවස්ථාවක් මෙමඟින් ලැබෙන බවයි.
    නමුත් අප පාඨකයෙකු විසින් අපවෙත එවා ඇති පහත ලිපිලේඛන වලින් පෙනීයන්නේ මෙය රාජපක්ෂ රෙජිමය විසින් ක්‍රියාත්මකකළ තවත් එක් සූරාකෑමේ ව්‍යාපාරයක් පමණක් බවයි.

    මෙම ලිපිවල දක්වා ඇති ආකාරයට ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශය මඟින්ම අප ආරක්ෂක අංශ සාමාජිකයන් පිළිබඳ සාවද්‍ය තොරතුරු ජාත්‍යන්තර ආයතන වලට ලබාදෙමින්, අනෙකුත් ජාත්‍යන්තර ආයතන ඔවුන්ව බඳවාගැනීම වැලැක්වීම සඳහා නින්දිත ලෙස කටයුතු කර ඇත. 
    මෙම ආයතනය මඟින් මෙම රැකියාවේ යෙදෙන නෞකා ආරක‍ෂක නිළධාරීන් හට ලැඛෙන වරප්‍රසාද ප්‍රථිලාභ සහ වැටුප කප්පාදු කර ලබාදෙන අතර මෙම ආයතන තුල රැකියා කිරීමට බොහොමයක් ආරක්ෂක අංශ සාමාජිකයන් කිසිසේත් සතුටු නොවේ. එම ආයතනය තුල රැකියා අපේක‍ෂිත විශාල ඉල්ලුමි කරුවන් ප්‍රමාණයක් ලියාපදිංචි වී සිටින නමුත් ඹවුන් හට ලබාදීමට ප්‍රමාණවත් රැකියා අවස්ථා ද මෙම ආයතනය තුල නොමැත.
    තවද විදේශ නෞකා ආරක‍ෂක ආයතන මගින් එක් ආරක‍ෂක නිළධාරියකු හට ලබාදෙන රක‍ෂණාවරණය මියයාමක දී ඇමරිකානු ඩොලර් 100,000/- සිට 250,000/- දක්වා වන අතර හදිසි අණතුරකදී ඇමරිකානු ඩොලර් 25,000/- සිට 100,000/- දක්වා වු වෛද්‍යාවරණයක් ද හිමිවේ. වැටුප වශයෙන් මසකට ඇමරිකානු ඩොලරේ 1,500/- සිට 4,000/- දක්වා ද ගෙවනු ලබන අතර මෙම ආයතන මගින් එක් ආරක‍ෂක නිළධාරියකු හට ලබාදෙන රක‍ෂණාවරණය මියයාමක දී රු 50,000/- සිට 100,000/- දක්වා වන අතර උපරිම වැටුප ඇමරිකානු ඩොලර් 1,000/- ක් වශයෙන් ගෙවනු ලැබේ මෙම වැටුප ද ලබාගැනීමට බොහෝ දිනක් මග බලා සිටීමට සිදුවන බවද එක් රැකියා අවස්ථාවකින් පසු නැවත රැකියා අවස්ථාවක් ලබා දීමට මාස තුනක හෝ ඊට වැඩි කාලයක් ගතවේ
    මොවුන් තම ආයතනය තුල සේවය කරන ලාංකික ආරක්ෂකයින් ගේ පහසුකම් සහ වැටුප කපාහරිමින් තම මඩිය තරකරගැනීමට සැරසුනා විනා, එසේ නොමැතිව ඔවුන්ගේ ජීවන තත්වය නඟාසිටුවීමට උදවු කිරීමේ කිසිඳු බලාපොරොත්තුවක් මොවුන් සතුව තිබුනා යයි කීම මුසාවකි.

     

    Share