
තාජුදීන්ගේ සිරුර ගොඩගන්නේදැයි තීරණය අදයි – සැකකරුවන් රටින් පැනයාමට උතසහ දරන බැවින් පොලිසිය වාරණ නියෝග පතයි.
06/Aug/2015
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකර ඇති ඉල්ලීම පිළිබඳ තීරණය හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බව අධිකරණය විසින් දැනුම්දී තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ අද දිනයේ (05) අදාළ නඩුව කැඳවනු ලැබ ඇත.
එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ පවසා සිටියේ තාජුඩීන්ගේ අස්ථී බිඳී යාම සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදුකළ යුතුව පවතින බවයි.
ඒ සඳහා ඔහුගේ සිරුර ගොඩගත යුතු බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා තිබේ.
ඉදිරිපත් වු කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාළ ඉල්ලීම පිළිබඳ තීරණය හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බව සඳහන් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු කියා සිටියි.