top of page

Mahinda Rajapaksha Racists Bastard 

Don't give your vote 

මහින්දගේ යටිනුවර සන්ධාන රැලියේදී ජාතික කොඩිය විකෘති කරයි

27/July/2015

 

කුරුනෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ සහභාගී වන යටිනුවර සන්ධාන රැලියේදී ජාතික කොඩිය විකෘති කරමින් භාවිත කර ඇති බවට ලංකාදීප වාර්තා කරනවා. එහිදී එය ඡායාරුප කිරීමට ගිය මාධ්‍යවේදීන්ට මහින්දගේ ආරක්ෂකයින් කියන පිරිස්ගේ බාධා කිරීම්වලටද ලක්වන්නට සිදු වුවා යැයි ඔවුන් වැඩිදුරටත් වාර්තා කර සිටියි.

හින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ යටිනුවර ඡන්ද ප්‍රචාරක රැස්වීමකට දමා තිබූ අමුතු වර්ගයේ කොඩිවල ඡායාරූප ගන්නට ගිය මාධ්‍යවේදීනට හිටපු ජනපතිගේ ආරක්ෂකයන් බව කියන පිරිසකගේ අත් අඩංගුවට පත්වීමට සිදුවිය. හැඩි දැඩි ආරක්ෂකයෝ අපේ ඡායාරූප ශිල්පියාගේ උරහිස්වලින් වැරෙන් අල්ලා තදකරගෙන ආරක්ෂකයන් පිරිසක් සිටි තැනකට ඔහු රැගෙන ගොස් කැමරාව ඔවුන් භාරයට ගෙන එම කොඩි කනුවලින් ගලවන තෙක් ඔහු රඳවා ගත්හ.

පොලිස් ආරක්ෂකයන් බව කියන එම පිරිස ඔහුට අනියමින් තර්ජනය කළේ එම පින්තූර පළ නොකරන ලෙසයි. ‘රැස්වීමේ සංවිධායකවරු ඒ කොඩි එල්ලා තිබෙනවා. එම කොඩි එල්ලීමේ තේරුමක් නැති බව අපි කිව්වා.‘

මැද සිංහයා සිටින කොන් හතරේ බෝපත් ඇති එම කොඩි මීට පෙර අල්ලස් කොමිසම ඉදිරිපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට පක්ෂ උද්ඝෝෂණයකදී ප්‍රදර්ශනය කෙරිණි.

ජාතික කොඩිය අවභාවිතා කරතියි එහිදී එම කණ්ඩායමට විරුද්ධව චෝදනා එල්ල විය. යටිනුවරදී අපේ ඡායාරූප ශිල්පියා අත් අඩංගුවට ගත් පොලිස් ආරක්ෂකයන් ඔහුට කීවේ එම ඡායාරූප පුවත්පතේ පළ නොකරන ලෙසයි. ‘මේවා දැක්කොත් එතුමා (මහින්ද රාජපක්ෂ) මේ රැස්වීමටත් එන එකක් නෑ‘

bottom of page