The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    පාවෙන අවිගබඩාවට නඩු නෑ ලු

     

    27/Aug/2015

     

    නඩු පැවරීමට තරම් කරුණු ඉදිරිපත් වී නැති බැවින් ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සොයාගැනීමෙන් පසු විදේශ ගතවීම තහනම් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පස් දෙනකුට පනවා තිබූ නියෝගය අද (27) ඉවත් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය තීරණය කළාය.

    මෙම නඩුව සම්බන්ධයෙන් රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ තුවක්කු ආඥා පනත, පුපුරන ද්‍රව්‍ය ආඥා පනත හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් කරුණු මෙතෙක් ඉදිරිපත් වී නොමැති බව නීතිපතිවරයා විසින් දැනුම් දී ඇති බවයි.

    ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක, ඇවැන්ගාඩ් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන පාලිත පියසිරි ප්‍රනාන්දු සහ මංජුල කුමාර යාපා යන පිරිසට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කෙරුණි.